Nelum kuluna – නෙළුම් කුළුණ sinhala movie
Only in South Korea
Date: 2025.04.20
Start Time: 7:00
End Time: 8:30
Contact
Name: AR ENTERTAINMENT
Contact No: 010 4393 7461
Name: Anjana Ravinath
Contact No: 010 4828 7461
“නෙළුම් කුළුණ” මෙතෙක් සිනමා පටයකට පාදක නොවූ කතා තේමාවක් සේම විශේෂ අවස්ථාවන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ චිත්‍රපටයකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ පැවති බ්ලැක් නයිට් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් මෙය පිදුම් ලැබු අතර , මෙය A/list ගණයට අයත් සිනමා උළෙලකි. Cannes, Venice, Berlin වැනි ඉහළතලයේ චිත්‍රපට උළෙල 15ක් පමණක් A/list ගණයට අයත් වෙයි. වසර 17 කට පසුව එම අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික තෙවන චිත්‍රපටය මෙය වේ. එසේම, ශ්‍රී ලාංකික සිනමා පටයක් ලෝකයේ රටවල් රැසක අතිශය ප්‍රථම වතාවට වෙනත් රටක ප්‍රතිනිර්මාණය වන්නේද “නෙළුම් කුළුණ සමඟිනි”. මෙය දකුණු ඉන්දියාව, ඉතාලිය, දකුණු කොරියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය ප්‍රතිනිර්මාණයට ගිවිසුම් ගත වූ සහ කැමැත්ත පළකළ විදේශයන් වන අතර, ඉංදියානු ප්‍රතිනිර්මාණය දැනට රූගත කිරීම් නිම කොට පසු නිෂ්පාදන අවධියේ පසු වෙයි. නෙළුම් කුළුණ මේ වන විට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් අටක් නියෝජනය කරමින් සම්මානයට සහ ඇගයීමටද පාත්‍රව ඇත.
තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් දැඩි සේ ශෝකාකූල විය. ඔවුන්ගේ දුක ක්ෂණයකින් වෙනස්වීමට බලපෑ එක් කරුණක් විය. එනම්, ඔවුන්ගේ මියගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රීයව පවතින බව වටහා ගැනීමෙනි. ඒ ඔහුගේ පුරුෂ ලිංගයයි. පියාගේ වියෝව නිසා ශෝකාකූල හා කනස්සලුකාරි දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මෙම අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන්ම කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්විය. පුතුන් දෙදෙනා විසින් අවමංගල්‍යය කටයුතු පටන් ගැනීමට ප්‍රථම, තම මව හා බිරින්දෑවරුන් දෙදෙනා සමගින් කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ඉන්ද්‍රිය පහළට නැවීමට සියලු උත්සාහයන් දරයි. පවුලේ සියලු දෙනාම මෙම ලැජ්ජා සහගත ව්‍යසනය අසල්වාසීන් නෑදෑයන් සහ විශේෂයෙන්ම අසල්වැසි ඕපදූප ස්ත්‍රියක් වන කමලාගෙන් වසන් කර තම පවුලේ නම්බුව රැකීමට උපරිම ප්‍රයත්නයන් දරයි.

Payment Details
BANK NAME:- (credit union) 신협
ACCOUNT NUMBER:-132142089653
NAME:김세희
BANK CORD :-048